Daham Path · දහම් පත

සාමාන්‍ය බෝධි පූජාව

සූදානම

බෝධි පූජාවකට අවශ්‍ය පූජා භාණ්ඩ (ද්‍රව්‍ය) මල්: සුවඳැති නැවුම් මල් (විශේෂයෙන් සුදු පැහැති මල්). පහන්: පොල්තෙල් හෝ ගිතෙල් පහන් සහ තිර. සුවඳ දුම්: හඳුන්කූරු හෝ කපුරු. පැන්: බෝධීන් වහන්සේ නෑවීම සඳහා පිරිසිදු පැන් හෝ සුවඳ පැනින් පිරවූ කෙණ්ඩියක්. ගිලන්පස: අටවැදෑරුම් පැන්, බෙහෙත් ද්‍රව්‍ය, සිනි හෝ මී පැණි වැනි පූජාවන්. බෝධි පූජා වස්ත්‍ර: බෝධීන් වහන්සේ වටා බඳින කහ හෝ සුදු පැහැති වස්ත්‍ර (කොඩි).